අමතක කරන්නද මතකයන්...?

Tuesday, February 15, 2011



ඉඳහිට දිනක යනවිට වැව රවුම පසුකර....
තවමත් බලනවා හොරැහින් මං,
වැව් තලය දෙස....
සිනාසෙන දිය රැලි මත
ලොවට නොපෙනෙන ලෙස හිඳ,
තවමත් සිනාසෙනවා නුඹ......

ඉරි තලා ගිය හදකට
අනෝරා වැසි අරන්
හන්තාන අතරින්
පාව එනවාද නුඹ...?

2 අදහස්:

  1. Anonymous said...

    මචන් රොබින්, පලවෙනි පේලි හයේ තියෙන පට්ට හිට් එක ඊලඟ පේලි හතරෙන් දිය වෙලා බං.

  2. රොබින් said...

    ඔබේ අවංක ප්‍රතිචාරය ඉහලින් අගය කරනවා මිත්‍රයා.
    ඉදිරි නිර්මාණවලදී මේ ගැන සිතා බලන්නම්.
    ස්තූතියි ඔබට