අත් දෙකෙන්වත් වහගනින් මචං.....

Friday, December 3, 2010 7 අදහස්

       
          බ්ලොග් එක පටන් ගත්තට ලියන්න වෙලාවක් ලැබුණෙම නෑනේ... ඒක නිසා අද අපිට වුන පොඩි කතාවක් ලියලා යන්න ඕන.
                                                                                                                                   
            මේක වුනේ මගේ හොඳම යාළුවෙක්ට. මිනිහා රටේ ටිකක් නම ගිය ඉස්කෝලෙක ඉගෙන ගත්ත බුවෙක්. ඉතින් ඒක නිසා පොර ඒ ගැන මහ ලොකුවට කතා කරනවා. කඩ්ඩයි, සිංහලයි සලාද කරලා කතා කරන්න මිනිහට හොඳට පුළුවන්. විශේෂයෙන් සායක්, ගවුමක් වගේ දෙයක් ලඟපාත ඉන්න වෙලාවට. අපි මිනිහට " සරා " කියලා කියමුකෝ.
  
   මේකයි සීන් කෝන් එක. එදා අපේ බැචියෙක්ගේ උපන්දිනේ. අපේ සිරිතක් තියනවා. රෑ 12 ට සෙට් එකේ හැමෝම ගිහින් උපන්දිනේ තියන කෙනාට විශ් කරලා, සිංදුවක් දෙකක් කියලා, පොඩි ජොලියක් ගන්නවා. එදත් එහෙමයි. ඉතින් රෑ 12 ට කලින් කට්ටිය සෙට් කරගන්න එපැයි.  සෙට් එකේ අය බෙදිලා ගියා කට්ටිය එකතු කරන්න. මමයි, සරයි, තවත් යාළුවෙකුයි ගියා තවත් කීප දෙනෙකුට කියන්න. ඔහොම කියන්න යන අය අතරේ නුගේගොඩ පැත්තේ කඩ්ඩ ඉස්කෝලෙකට ගිය නංගි කෙනෙකුත් ඉන්නවා. ඉතින් නංගී ටෝක් කරන්නේ කඩ්ඩෙන්මනේ. දැන් අපේ මිනිහා දත කට මැදගෙන ලෑස්ති වෙනවා නඟාට කඩ්ඩෙන් කොටන්න. හරි ලස්සනයිනේ ඉතින් නංගී. ( විලි ලැජ්ජාවේ සන්තෝෂේ බෑ අප්පා....). 

දොරට තට්ටු කලා. ම්ම්හු....... සද්දයක් නෑ.... ආපහු සැරයක් ...... ම්ම්හ්හ්හ්...

" කෝ බන්, මේකි නැද්ද රෑම් එකේ ? ", සරා කණ තියලත් බලනවා... " ආ...ඉන්නවා වගේ මචං. සිංදුවක් ඇහෙනවා මේක ඇතුලෙන්...."

සරාගේ මූණේ හිනාව, කිරි හාමිගෙ වගේ......

ඔන්න ටික වෙලාවකින් නඟා දොර ඇරියා. මූ ගත් කටටම.....

" Hi............. , There's a Happy B'day upstairs. Are u coming ? "

                                                                            
  කියපු දේ ආපහු ඇදලා ගන්නයෑ.............
 

දන්නවද දන්නෑ....?

Sunday, November 14, 2010 3 අදහස්

හරි සීතලයි කෙල්ලේ........ 

උඹ ලඟ හිටිය හැමදාකම, 
දකින පමාවෙන් උණුහුම්වන හිත...

අද, මේ සීතලට ගල්වෙලා, 
පණ නැති වෙලා, 
මං අතරමංවෙලා ගිහින්...... 

කෝ....?                          

කොහෙද ඔයා......?              



තාමත් පාර හොයන එකෙක්....                                                                                  
 

අද සිට.....

6 අදහස්

මං බලාන හිටියා....
පපු කුහරයම හූරගෙන හමා ගිය උඹට හතිවැටෙන තුරැ....

තෙතමනයක් නැති වැහි අනෝරාව,
හතර අතටම අතෑරලා
උඹට හතිවැටෙනකම්ම මං,
මං බලාන හිටියා....

එහෙනම් දැන් එතන ඉඳලා මං....