ඕක නැතුව ඉන්නම බැරිද හැබෑට...? එකෙක් කියනවා ජීවත් වෙන්න අරක ඕනෙමලු. ආච්චිගේ රෙ...... එතකොට ඌට බඩගිනි හැදුනහම අරක කාලද ජීවත් වෙන්නේ....? . තවත් එකෙක් කියනවා ඌට දැනුන විදිහට ඒක මාර සුන්දරයි ලු. පස්සේ කාලෙක උගේ කටින්ම කියනවා "ගියා නම් තෝ තියන හැම මඟුලම අරන් පල, මට තොගේ අහවල් එක වැඩක් නෑ. ඒක දැනෙන්නෙත් නෑ. ඒකෙ කිසි ආතල් එකක් තිබුණෙත් නෑ " කියලා. මඥ්ඥංද අමාරිස් කිව්වලු. තව සමහරැ ඕක ගැන පිටු ගණන් ලියනවා. " ඕක නැතුව හිටියොත් චා වෙනවලු ", " අනිවාර්යයෙන්ම ඕකක් හොයාගනින්ලු. නැත්නම් පස්සට අප්සට් ලු ". මෝඩ ආතල්. සූප්පුවෙන් කිරි බොන උන්ට හොඳයි කියවන්න. ( හොඳ වෙලාවට ඕවා ලියන උන්ට මාව පේන්නේ නෑ . නැත්නම් උන් බය වෙයි. )
මට තේරෙනේ නෑ බොලවු. මිනිස්සු හැම එකාටම කෑමට බීමට වඩා ඕනෙ වෙන මේ අරක මොකක්ද කියලා. මට තේරෙන්නේ නෑ බොලවු. උන් මෙච්චර කියන ආතල් එක පස්සේ පස්සේ උන්ගෙම කන්වලින් බේරෙන්න ගන්නේ ඇයි කියලා... සමහර විට මට ඒකෙ ආතල් එක දැනෙන සංවේදී අවයවය නැතුව ඇති..... සමහර විට....
( සමහර විට මගේ ඒ අවයවය ගැන වෙන එකියක්ට හිතක් පහල වෙලා ඒක හොරකන් කරගෙන ගියාද කවුද දන්නේ.... ? මට හරියට මතක නෑ නේ. ) හික්. අවුලක් නෑ. මට නම් අරක ගැන ප්‍රශ්ණයක් නෑ. මොකද මං වටේ ඉන්න හැමෝම හිතන් ඉන්නේ මං අර කිව්වත් වගේ අරකේ ආතල් එක ගන්න ඕනෙ නැති රොබෝ කෙනෙක් කියලා. එකෙක් නම් මට කෙලින්ම කිව්වා " තොට අරක දැනෙන්නේ නැත්තේ තොගෙ ඒක දැනෙන එක මැරිලද යකෝ...? " කියලා . මං ඌට හිනාවෙලා කිව්වා " සමහර විට වෙන්න ඇති බං " කියලා. ඒත් කෝකටත් කියලා ඌ ගියාට පස්සේ මං හොයලා බැලුවා. ඇත්ත තමයි. මට දැනෙන්නෙත් නෑ නෙ බොලවු. ඒකට මොනවා හරි ප්‍රතිකර්මයක් තියනවද හැබෑට.....?
ඔය කවුරැ මොනවා කිව්වත් මම කියන්නේ ඕක අත්‍යාවශ්‍යම නෑ ජීවත් වෙන්න. නැත්නම් මම මේක ලියන්න මේ ලෝකෙ නෑ නේ. හෝව් හෝව්...මම කිව්වේ " ජීවත්වෙන්න " කියලා විතරයි. " සතුටෙන් ජීවත් වෙන්න " නම් ඕක ඕනෙ තමයි. මොකද ඕක නැති වුනම එකෙක්ට තමයි ඕකෙ අගේ තේරෙන්නේ. ඒක නිසා මං කියන්නේ, ඕක තියන උන් ඇස් දෙක වගේ තියන එක පරිස්සම් කරගනිල්ලා. නැති උන්, ඒක දැනෙනවා නම් හොයාගෙන ගිහින් හරි සෙට් කරගනිල්ලා. දැනෙන තැනකින් ඕක කරපල්ලා. නැති එකෙක් දිහා කරැණාවෙන් බලපල්ලා....
ඕක = අරක = ඒක = අහවල් එක = ආදරය