කෙල්ල පෙන්නලා කාර් එකක් ගන්න.....

Thursday, March 31, 2011













       එදානම් මාරම දවසක්. මාරයි කියන්නේ කියලා වැඩක් නෑ. උදේට නැගිටුනේ හවස 4ට විතර. ඇදෙන් නැගිටලා, දත් වහල්ලත් උඩින් පල්ලෙන් අතුල්ලගෙන මූණට වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරලා. හොඳට මූණ හෝදලා එලියට එනකොට හවස 6ට විතර ඇති. ඊට පස්සේ දවල්ට කෑවා. දැන් හරි. දැන් ඉතින් තියෙන්නේ දෙයියනේ කියලා තියන දෙයක් හිතට අරගෙන අතට ගන්න එක තමයි. ඒක කරන්න යනකොටම හුටප්පර ෆෝන් රාජයා කෑ ගහනවා. කවුද බොලේ ඇලිස්...?.


" හෙලෝ " මං ඉතින් ජෙන්ට වගේ ඇහුවා.



" හෙලෝ මිස්ට රොබ්බට කතා කරන්න පුළුවන්ද .....? " 


" ඔව් පුළුවන් මිස්. ඌ ඉපදිලා ටික කාලෙකින් කතා කරන්න පටන් ගත්තේ වල් උලමෝ. ඇයි තෝ මේ ෆෝන් එකට ඩයල් කරේ මට කතා නොකර ආච්චිට හාල් ගරන්ඩද වස්සෝ...? "


" හරි හරි සොරි වෙන්ඩ ඕනෙ බන්. උඹ දැන්ද නැගිට්ටේ..? "


" පිස්සුද මනුස්සයෝ. මෙච්චර රෑ වෙනකම් නිදාගන්න මං මොකෙක් කියලද උඹ හිතාගෙන ඉන්නේ. දැන් පැය දෙකකට විතර කලින් මං නැගිට්ටේ "


"  හප්පච්චියේ. ඇයි උඹ එච්චර කලින් නැගිට්ටේ. තව ටිකක් නිදාගන්නනේ තිබ්බේ. ඒක නෙවෙයි පොඩි අයිටම් එකක් සෙට් වෙලා තියනවා. මොකද කියන්නේ මේ පැත්තේ එමුද.... බෑ වගේද.........?


ඌ කියපු විදිහෙන්ම මට වැඩේ මීටර් වුනා.


" කොහෙද උඹ ඉන්නේ දැන් ? "


" සෑමයාගේ රෑම් එකේ. ඉක්මණට වරෙන්. තාම පැකින් කැඩුවේ නෑ "




මාත් රා කළගෙඩි 23හමාරක් බීපු නාලාගිරි වගේ කෙලගෙන ගියා කියපු ස්පොට් එකට.



     බලන්න එපැයි. හරිම ලස්සන දර්ශනේ. සෑමයයි, සීපයි වටේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. කටවල් වලින් කෙළ බේරෙනවා. මැද මේසෙ උඩ ලස්සන ස්කයි වොඩ්කා එකයි, බොයිකා එකයි බැබලි බැබලී ඉන්නවා. මං කියන්නේ ඕනෙම කවි හදවතකට කවි සිතුවිලි උනන දරැසනයක්නේ ඕක. නැද්ද මං අහන්නේ ?


" ආ රොබ්බා ආවා. කඩමු කඩමු. "   සීපට එකසිය ගානට තදියම. මට එකසිය ගානට මල. මං තව හරියට ඉඳගත්තෙවත් න්ඈ.



" තෝ මෙතන උඩ දාගෙන නැටුවට මූඩිය කැඩුව ගමන් වාෂ්පෙට තෝ ගෙම්බා ගැහුවා වගේ බිම. දහ අට සන්නිය දාන්නේ නැතුව හිටු පිලිවලකට ඉඳගෙන වැඩේ කොන් නැතුව ලස්සනට කරනකං " සෑමා මගේ ලයින් එක සීපට අතෑරියා.


" හා ඉතින් උඹලම කරගනිල්ලකෝ ".  පව් අහිංසකයා. බල්ලා පූසා වගේ කන් අකුලගෙන කීං කීං ගානවා.



     දැන් ඔය පිලිවලට පටන් ගත්තට 2nd රවුන්ඩ්, 3rd රවුන්ඩ් යනකොට ඉඳගෙන ඉන්න තැන්වලිනුත් බිම කියලා අපි දන්නවා.


කොහොම හරි වැඩේ සුබ මුහුර්තියෙන් ආරම්භ වුනා. තුන්වෙනි රවුන්ඩ් එකට සිල්කෙට් වුනේ මායි සෑමයි විතරයි. සීපගේ සෘතිය අවුල් ගිහින් ඌ දෙවන වටයෙදි වගේ තරඟයෙන් නිතරඟෙයන්ම ඉවත් වුනා. ඒත් ඌ අතෑරියේ නෑ. සුපර් ස්ටාර්ස් වැටුන තරැ ඊලඟ වට බලන්න එනවා වගේ මූත් දිගටම අයිස් ටී බෝතල් වලටයි, කෝලා බෝතලේටයි, බයිට් ටිකටයි වග කියනවා. ටිකක් වෙලා යනකොට කස්ටියටම නල්ල මලේ.


ඊලඟට පටන් ගන්නේ ඒ ඉවෙන්ට් එකේ මෝස්ට් සෙන්සිටිව්ම පාර්ට් එක. ඒ තමයි පරණ ලව් ස්ටෝරි කිය කිය අඬන එක. ඒ අතින් සෑමයි, සීපයි සෑහෙන ඉදිරියෙන්. මම ඉතින් අම්ම කියන දේ විතරනේ කලේ. අම්ම කිව්වා ලව් කරන්න එපා කියලා. කෙල්ලෝ දිහා බලන්න එපා, උන් මහ නපුරැ ජීවී විශේෂයක්, උන්ගේ ප්‍රියතම ආහාරය නාඹර වයසේ පසුවන අප වැනි කොලු ගැටවුන්ය කියලා.  ඒක නිසා මං කලේ නෑ ( වගේ ඉන්නවා ).



සෑමා වරෝ නැතුව කියවනවා. මල කං කරච්චලේ...


    " මෂංලා, රොබ්බා මට මගේ අයියා වගේ. සීපා මට මගේ මල්ලි වගේ. " ඕකට වැදුනම සාමාන්‍යයෙන් ඕක කියනවා.


" මං උඹලට ඕනෙ දෙයක් කියනවා. "


" ඔව් මෂං. උඹ එහෙමයි. කියපාංකෝ මෂං.." සීප උඩගෙඩි දෙනවා. ඌට හෙන හැපි, එකෙක් ඌට මල්ලි කිව්වනේ. උගෙ අයියත් බයයි ඌව මල්ලි විදිහට පිලිගන්න.


" මෂං. මං කිව්වා නේද උඹලා මගේ මල්ලිලා වගේ කියලා. ( ඉස්සෙල්ලා මූ මට අයියා කියලා නේද කිව්වේ ?. ). මං උඹලාගේ අයියා වගේ උපදෙසක් දෙන්නම්. " කෙල්ලන්ගෙන් ප්‍රවේසම් වනු " . මොකද... මාත් කාලයක් එකියෙකුට බොක්ක දීලා ලව් කලා. ඒකි අවුරැදු එක හමාරක්වත් හිටියේ නෑ කොහෙවත් යන කලු කුමෙක් එක්ක යාලු වෙලා මාව අමතක කලා... "


ඔව් ඉතින්. ඒක අවුලක් නෑ. මොකද ඌ කෙල්ලට බොක්කනේ දීලා තියෙන්නේ. ඕකගේ අවුටර් කේසින් එකේ ගඳ දැනෙනකොට හිතාගන්න පුළුවන් උගේ බොක්කේ හැටි. කෙල්ල අවුරැදු එක හමාරක්වත් හිටිය එකයි පුදුමේ.


සීපට වෙරිවුනත් ඌට හෙනම අවුල්" අවුරැදු එකහමාරක්වත් හිටියේ නැද්ද බන්..? "


" නෑ බං "


" ආන්න ඒක කැත වැඩේ. අඩුම තරමේ අවුරැදු එක හමාරක්වත් ඉන්න තිබුණා. ඊට කලින් ගිය එකයි කැතම වැඩේ.."


" මොකක්ද බොල කිව්වේ..? නොදකින් ගස් නරියා. රොබ්බා මේ පකිස් බූරැවාව පන්නලා දාපන්.



ඉතින් මෂංලා, මං කිය කිය හිටියේ අර කෙල්ල වෙනුවෙන් වියදම් කරපු සල්ලිවලින් කාර් එකක් ගත්තා නම් මං අද පට්ට හැපි එකේනේ බන්. "



" අන්න හරි බාං. අර ෆේමස් සෝන්ග් එකක් තියෙන්නේ ඇන්ටන් බාලසිංහම් කියන

                          ගෑණු ජාතිය

                         ජරා ජාතිය

                       ගලේ ගහපිය

                          මරා කාපිය                        කියලා. මතක නැද්ද...? "   සීපට මතක් වෙන්නේ මිලේච්ඡ



සිංදුනේ. මං හිතන්නේ ඕක නායක වැද්දා වෙන්නැති කියන්න ඇත්තේ....

ඒ මොනවා උනත් සෑමා කෙල්ලෙක්ට වඩා කාර් එකක් හොඳයි කියපු එක මට එච්චර දිරෙව්වේ නෑ.

" ඒ මොකෝ සෑමෝ එහෙම කියන්නේ. තොට කාර් එක තුරැළු කරගෙන බුදිය ගන්නවත් පුළුවන්ද ?. "


" ඇයි බොල ගිරිගෝරිස් ආතේ... තොට තේරෙන්නේ නැද්ද...?. කාර් එක ස්ටාර්ට් වෙන්නේ මට ඕනෙ වෙලාවට විතරයි. ආනිත් වෙලාවට කොහේ හරි දාලා ලොක් කරන්න පුළුවන්. මහ දවල් අව් කාස්ටේ ඇවිදින්න ඕනේ නෑ දාඩිය දාගෙන. A/C එක දාගත්තා සපාන් එකේ හිටියා. හැමදාම ඉරාගෙන රීලෝඩ් දදා මැසේජ් කරන්නයි, කෝල් කරන්ඩයි ඕනෙද කාර් එකට...?. පොඩ්ඩ පරක්කු වුනිත් බැණුම් එලෝ කෝටියයි, පුහ්...ගෑස්.... කාර් එක එහෙමද මැට්ටෝ. ඕනෙ වෙලාවට දොර ඇරලා නඟින්ඩ විතරයි තියෙන්නේ. ඇනිවසරි එකටයි, වැලන්ටයින් එකටයි, බර්ත්ඩේ එකටයි, අරකටයි, මේකටයි කිය කියා හැම අලුගුත්තේරැ ඩේ එකක්ම සෙලිබ්‍රේට් කරන්න වෙන්නේ නෑ කාර් එකකට. මාරම කැහිල්ලක් තියනවා නම් කාර් එක ගත්ත දවස සෙලිබ්‍රේට් කරන්න ගහපාන් ෆුල් ටෑන්ක්. එහෙම නොකලයි කියලා කාර් එක තෝව එලියට දානවද ?. නෑ. අන්තිම තෙල් බිංදුව වෙනකම් දුවනවා. ඕනෙම කෙල්ලෙක් දවසක කාර් එකක් ඕනෙ වෙනවා. ඒත් කාර් එකට කෙල්ලෙක් ඕනෙ වෙන්නේ නෑ නෙ බාං. අනිත් එක  කාර් එක පෙන්නලා කෙල්ලෙක් දාගන්න පුළුවන් වුනාට කෙල්ල පෙන්නලා කාර් එකක් ගන්න බෑනේ බාං....... "


ඌ වෙරි මරගාතේ ඔහේ කියාගෙන ගියත් ඌ වැරදිලාවත් ඇත්තක්ද කිව්වේ කියලා කල්පනා කරලා බලන්න ඕනෙ...... ඒක තවත් බොන්න ඕනෙ ප්‍රශ්ණයක්ද මන්දා....?




19 අදහස්:

  1. පූසා said...

    යකෝ ඒකනම් බොන්න ඕනේ ප්‍රශ්නයක් නේන්නම් :D
    මචං මේ බොනවනම් අපි සෙට්වෙලා බොමු :D ;)

  2. Anonymous said...

    වෙරි මරගාතේ හරි පොර ඇත්ත තමා බං කියලා තියෙන්නේ...

  3. MaRLaN said...

    මගෙ හිත කියන්නේම මේක උස්සල FB දාන්න කියලා... සිරා කතාව... කෙල්ලට වඩා කාර් එකක් නම් මාරම වටිනවා... දැන් තමයි ඇත්ත තේරුම් ගත්තේ...

  4. රොබින් said...

    @පූසා

    බොමු. උඹට කිරි බෝතලයක් දෙන්නම්



    @prasanna86k
    මටත් හිතුනා පස්සේ



    @MaRLaN
    අවුලක් නෑ මචං.

  5. තාරක Dilsh@n said...

    සිරා කතාවක් බන්!

  6. Roshanherath said...

    වෙරිමරගාතෙ වුනත් උෟ කියලා තියෙන්නෙ ඇත්ත බන්..

  7. Roshanherath said...
    This comment has been removed by the author.
  8. Anonymous said...

    මොනව වුනත් ඇත්ත කියලා තියනවා....හුඩ් අය්යේ මම මෙකේ කෑල්ලක් ඇරගෙන බුකියේ එබුවට කමක් නැතැය්...?

  9. රොබින් said...

    @තාරක Dilsh@n

    ස්තූතියි



    @RoshanHerath

    අනිවා. ස්තූතියි.


    @බීටා

    කමක් නෑ මලයෝ.

  10. Unknown said...

    පිස්සු හැදෙයි! එල එල! පලවෙනි සැරේට මේ පැත්තට ආවේ! නියමයි මචෝ! ඔහොම යමු!

  11. රොබින් said...

    thanks කිව්වා එහෙනම්

  12. නවම් said...

    හික් යැ. බෝතලයක් අවැසියැ මේ ගැන සිතුමට [හිතුවට කියන්නෙ බෑ නෙව. අපි දැන් තනිකඩ නෙවෙයිනෙ]

  13. රොබින් said...

    @නවම්

    ඒකනේ කියන්නේ "බඳිනවා" කියලා. :P

  14. Unknown said...

    සිරාම කතාව. මැක්සිමම් මචන්.

  15. රත්ගමයා said...

    අඩෝ....කොටු කොටු දාපන්...අපි ඉන්නේ කොහොමද මේවා බලාගෙන

  16. රොබින් said...

    @මිත්‍යාදෘෂ්ටිකයා

    එළ මචං. තෑන්ක්ස්.


    @රත්ගමයා

    කොතන්ටද කොටු කොටු ඕනේ... ? :P

  17. සාතන් said...

    "කාර් එක පෙන්නලා කෙල්ලෙක් දාගන්න පුළුවන් වුනාට කෙල්ල පෙන්නලා කාර් එකක් ගන්න බෑනේ බාං.."

    එල බන්.... ඌ ඇත්ත තමයි කියල තියෙන්නෙ...

  18. රොබින් said...

    ඇත්ත මචං. ෂොට් එකේ වටිනාකම ඒකයි

  19. Unknown said...

    සිරා කතාව​...................