අත් දෙකෙන්වත් වහගනින් මචං.....

Friday, December 3, 2010

       
          බ්ලොග් එක පටන් ගත්තට ලියන්න වෙලාවක් ලැබුණෙම නෑනේ... ඒක නිසා අද අපිට වුන පොඩි කතාවක් ලියලා යන්න ඕන.
                                                                                                                                   
            මේක වුනේ මගේ හොඳම යාළුවෙක්ට. මිනිහා රටේ ටිකක් නම ගිය ඉස්කෝලෙක ඉගෙන ගත්ත බුවෙක්. ඉතින් ඒක නිසා පොර ඒ ගැන මහ ලොකුවට කතා කරනවා. කඩ්ඩයි, සිංහලයි සලාද කරලා කතා කරන්න මිනිහට හොඳට පුළුවන්. විශේෂයෙන් සායක්, ගවුමක් වගේ දෙයක් ලඟපාත ඉන්න වෙලාවට. අපි මිනිහට " සරා " කියලා කියමුකෝ.
  
   මේකයි සීන් කෝන් එක. එදා අපේ බැචියෙක්ගේ උපන්දිනේ. අපේ සිරිතක් තියනවා. රෑ 12 ට සෙට් එකේ හැමෝම ගිහින් උපන්දිනේ තියන කෙනාට විශ් කරලා, සිංදුවක් දෙකක් කියලා, පොඩි ජොලියක් ගන්නවා. එදත් එහෙමයි. ඉතින් රෑ 12 ට කලින් කට්ටිය සෙට් කරගන්න එපැයි.  සෙට් එකේ අය බෙදිලා ගියා කට්ටිය එකතු කරන්න. මමයි, සරයි, තවත් යාළුවෙකුයි ගියා තවත් කීප දෙනෙකුට කියන්න. ඔහොම කියන්න යන අය අතරේ නුගේගොඩ පැත්තේ කඩ්ඩ ඉස්කෝලෙකට ගිය නංගි කෙනෙකුත් ඉන්නවා. ඉතින් නංගී ටෝක් කරන්නේ කඩ්ඩෙන්මනේ. දැන් අපේ මිනිහා දත කට මැදගෙන ලෑස්ති වෙනවා නඟාට කඩ්ඩෙන් කොටන්න. හරි ලස්සනයිනේ ඉතින් නංගී. ( විලි ලැජ්ජාවේ සන්තෝෂේ බෑ අප්පා....). 

දොරට තට්ටු කලා. ම්ම්හු....... සද්දයක් නෑ.... ආපහු සැරයක් ...... ම්ම්හ්හ්හ්...

" කෝ බන්, මේකි නැද්ද රෑම් එකේ ? ", සරා කණ තියලත් බලනවා... " ආ...ඉන්නවා වගේ මචං. සිංදුවක් ඇහෙනවා මේක ඇතුලෙන්...."

සරාගේ මූණේ හිනාව, කිරි හාමිගෙ වගේ......

ඔන්න ටික වෙලාවකින් නඟා දොර ඇරියා. මූ ගත් කටටම.....

" Hi............. , There's a Happy B'day upstairs. Are u coming ? "

                                                                            
  කියපු දේ ආපහු ඇදලා ගන්නයෑ.............
 

7 අදහස්:

  1. විත්ති said...

    නොදන්නේ කඩ්ඩෙන් කතා කරන උන් තමා දැන් ඔය හොඩට කපන්නේ හැබැයි මුල අමතකයි

    පුලුවන්නම් කොමෙන්ටුනුත් පොස්ට් එකය යටින්ම දාන්න පුලුවන් විදියට දාන්න

  2. dinesh said...

    හික්,හික්..ඔහොම බුවාල ඉන්නව කලතුරකින්.

  3. Anonymous said...

    කඩ්ඩ නැතුව බෑ මචං.. හැබැයි අවශ්‍ය තැනට විතරක් පාවිච්චි කරන්න ඔනේ.. තොවිලෙකට ගිහින් කඩ්ඩෙන් මන්තර කිවුවට යකා යන්නේ නෑනේ බං.. :)

  4. පිස්සා පලාමල්ල said...

    යන්තම් කඩ්ඩ ටිකක් දා ගත්තම පොර වෙන්න යන තවත් එක් චරිතයක් වගේ... අද තමා ආවෙ මේ පැත්තෙ මුලින්ම.. ලස්සනයි බ්ලොග් එක

  5. ෴ හසියා ෴ said...

    හික්ස්...පට්ට පට්ට....
    ඉස්කෝලේ නම *** බාලිකා වෙන්න ඇති නේද? හික්ස....

  6. රොබින් said...

    අදහස් සියල්ලටම ස්තූතියි

  7. බිඟූ said...

    හකස්...