ආදරය කියන්නේ මේකද ?

Monday, January 31, 2011




හිනා පෙත්තයි,
කඳුළු පෙත්තයි,
එකට අනලා හදාගත්ත.....

හැමෝටම එක කාලෙකට හැදෙන එක විදිහක මොලේ අමාරැවකට බොන
pissu පීකුදු වෙන ජාතියේ පෙත්තක්............ ද ?

5 අදහස්:

  1. නචියා said...

    රොබින්... ආදරය කියන්නේ හරි අමුතු හැගීමක්....මම ආදරේ ලබනවා ... ආදරේ කරනවා... එත් මට කියන්න තේරෙන්නේ නෑ මේකයි ආදරේ කියලා.... මම හිතන්නේ ගොඩක් අය ආදරය වැරදියට තේරුම් අරන් ඉන්නේ... අපිට පුළුවන් වෙන්න ඕනේ එකම එක්කෙනෙකුට ජීවිත කාලෙම ආදරය කරන්න... අන්න එකයි ආදරය කියන්නේ... මේක මගේ පෞද්ගලික හැගීම....තව කෙනෙකුට වෙන දෙයක් කියන්න පුළුවන් සිරාවටම හරි..... තමන්ට වාසි වෙන විදියට හරි....

  2. Sandaruwani said...

    ආදරය කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ.මම දැන් ගොඩාක් දුකින් ඉන්නෙ ආදරේ නිසා.දැන් මාව ගොඩාක් ඇඩෙව්වා.

  3. duliponline said...

    මචං රොබින් . . . . ආදරය කියන්නෙ . . . මහම මහ පුදුම දෙයක් . . . .
    "නවී" කියපු විදිහට ජීවිත කාලෙ පුරාවටම එක්කෙනෙකුට විතරක් දෙන්න පුලුවන් දෙයක් වත් . . . .
    "සඳරුවනි" කියපු විදිහට අපිව අඬවන දෙයකුත් නෙමේ ආදරය කියනෙ . . . . .
    මම හිතන්නෙ ආදරය කියන හැඟීම අපිව අඬවනව නම් . . . . . අපිට ආදරේ කරන්න පුලුවන් ජීවිතෙටම එක්කෙනාට නම් . . . ඒක ආදරය නෙමේ . . . . ඒක "ආශාව"
    ආදරය කියන එක විවිදාකාරයි . . . . අපි අම්මට ආදරේ කරනව . . . තාත්තට ආදරේ කරනව. . . . යාලුවන්ට ආදරේ කරනව. . . . . දරුවන්ට ආදරේ කරනව . . . .
    ඉතිං එහෙම බලද්දි ආදරය කියන්නෙ . . . . .
    වචනෙකින් . . . . .
    කවියකින් . . . .
    සිනහවකින් . . .
    කඳුලකින් . . . . .
    ස්පර්ශයකින් . . . . . විස්තර කරන්න පුලුවන් දෙයක් නෙමේ . . . ..
    හැබැයි මම එකක් දන්නව . . . . . ආදරය . . . . . කියන්නෙ අයිතියක් . . . . ඒක හැමෝටම අයිතියි . . . . . .

  4. රොබින් said...

    ඔබලාගේ විවිධාකාර වූ අදහස් ඉහලින් අගය කරන අතරම ඒ ඉදිරිපත් කිරීම පිලිබඳ ප්‍රණාමය.

  5. සාතන් said...

    පට්ට කථාව මචන්...