Showing posts with label පිස්සු පීකුදු. Show all posts
Showing posts with label පිස්සු පීකුදු. Show all posts

දයාබර බංකි පුතේ ,

Thursday, April 28, 2011 12 අදහස්

2011.04.29
වළා හංදිය,
එලොව.

ජංගි පුතේ, බංකි පුතේ,
          
            උඹේ සැප දුක් කෙසේද ?. මට නම් වැඩි සනීපයක් නැත. මේ දවස් වල මට නම් වැඩි හොඳක් නැත. දොස්තර මහත්තයා නම් කිව්වේ මට නිව්මෝනියා ද මොකක්දෝ කියාය. මගේ ඇස් පෙනීමත් දැන් එන්න එන්නම හොඳ නැත. මේ ලියුම ලියන්නේද අල්ලපු ගෙදර එකීට කියලාය. මං ලියන්න ඕනෙ දේ ඒකිට කියනවාය. ඒකි ලියනවාය.
           
            උඹ දැන් ටැලිවිසොන් එකෙත් ඉන්නවා කියලා මිනිස්සු කතාවෙනවාය. උඹ සුපර් ඉස්ටාර් ඉන්නවාදැයි මං උංගෙන් ඇහුවාය. උං මට කිව්වේ උඹ ඉන්නේ ටැලොන්ට් ඉස්ටාර් එකේ කියලාය. උඹ පොඩි කාලෙත් ටැලොන්ට් දැයි උං මගෙන් ඇහුවාය. උඹේ ටැලොන්ටු මට හරියට මතක නැති නිසා උඹ මොන ටැලොන්ට් එකටද ඉස්ටාර් වෙලා ඉන්නේ දැයි මං උංගෙන් ඇහුවාය. උඹ නටන්න දක්ෂ බව උන් මට කිව්වාය.උඹ වැඩියෙන්ම නටන්නේ රෑකඩ බවත් උන් මට කීවාය. මට මල විද්දාය. මොකද උඹ පොඩි කාලේ මට කිව්වේ ඇද තියන පොලොවේ නටන්න උඹට බැරි බවය. නැත්නම් මං උඹව ඩාන්සින් ඉස්ටාර් කෙනෙක් කරනවාය. තව එකෙක් නම් කිව්වේ උඹ ඊට වඩා හොඳ කොමඩි ඉස්ටාර් එකට බවය. මට තේරෙන්නේ නැත. උඹේ ඉස නිකට පැහෙන කාලෙට නැති දක්සතා මතුවෙන බව උඹේ හඳහනේ තිබුණා මතකය. අනික මේ අබුද්දස්ස කාලේය. " අයංතු කාලේන කජ්ජේන පුහුලං " කියලා බණ පොතෙත් තිබුණා කියා කවුදෝ කිව්වාය. අබුද්දස්ස කාලේ හැදෙන කජු ගෙඩි ඇතිලේ පුහුල් තියනවා කියලා ඒ කියපු කෙනා කිව්වාය. කොහොමින් කොහොම හරි උඹට හරියන එක ගැන මට සතුටුය. ඒත් උඹ මගේ පුතා යැයි ප්‍රසිද්ධියේ කියන්න යන්න එපා යැයි අල්ලපු ගෙදර එකී කීවාය. ඒ ඇයි කියලා නම් මම දන්නේ නැත.


           මට උඹේ පොඩි කාලේ මතක් වුනාය. උඹ පොඩි කාලේ හරියට හඳ වගේය. වැඩි කාලයක් ඉන්නේ බාගෙටය. මාසෙකට එක දවසක් සම්පූර්ණ වෙනවාය. එදාට පිස්සුය. උඹත් හරියට ඒ වගේය. උඹ තාමත් ඒ වගේය. ගිය අවුරැද්දෙත් මේ කාලේ උඹ ගැන සෑගෙන්න මිනිස්සු කතා වුනා වගේ මතකය. ඒ සැරේ නම් උඹ සිරි ලංකාවත් එක්ක මොකක්දෝ හුටප්පොරයක් ඇතිකොරගෙන හිටියා වගේ මතකය. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා ටැලිවිසොනයේ තට්ට කොලුවෙක් කීවාය. ඒක නිසා මේ සැරේත් උඹ ටැලිවිසොනයේ ඉන්නවා යැයි මිනිස්සු කියනකොට මම බය වුනාය....


        උඹේ කෑම, බීම කොහොමද ?. නාන්නේ වතුර මලෙන් හරි නිල් කැටේට වතුර තියන පොකුණෙන් බව අල්ලපු ගෙදර එකී කියනවාය. ඒක සැපදැයි මං ඒකිගෙන් ඇසුවෙමු. රජ සැප ඇති යැයි ඒකි කිව්වාය. උඹ පොඩි කාලේ නම් නෑ පහල ලිඳෙන්ය. උඹම තනියම ඇඳගෙන නෑවාය. අල්ලපු ගෙදර උන් නාන්න යනකොටත් උඹ ගිහින් උන්ටත් වතුර ඇඳ දී උඹත් නාගත්තා මතකය. උඹ තාමත් නානවා ඇත්තේ අර පොකුණෙන් වතුර ඇදගෙන වෙන්න ඇති යැයි මං අල්ලපු ගෙදර එකීට කීවාය.


       උඹ තාමත් නයි, සරැපයි ඇතිකරනවාද ?. උඹ පොඩි කාලෙත් අහල පහල ඉන්න නයි ගේ ඇතුලට දාගෙන ඇති කෙරැවාය. ඔඩොක්කුවේ තියාගෙන කිරි පෙව්වාය. දවසක් එක සරැපයියෙක් ඇඳ උඩ තියාගෙනම උඹට නින්ද ගිය වෙලාවක ඌ උඹේ කලිසම ඇතුලට රිංගා ඌ කල නරි නාඩගම උඹට මතකයැයි සිතමි. දැන් නම් උඹ අහක යන සරැපයි රෙද්ද අස්සේ දාගන්නේ නැතැයි සිතමි. මොකද උඹ දැන් ඉන්නේ " කනවෝ කනවෝ " කිය කියා උඩ පනින්නට පුලුවන් වයසක නොවේය.


                අල්ලපු ගෙදර එකී නම් ආපහු ආපහු කියන්නේ උඹ සිරි ලංකාවත් එක්ක හුටප්පොරයක ආපහු පැටලී ඇත කියාය. මට නම් ඔය පුරස්න තේරෙන්නේ නැත. එලොව හංදියේ තේ කඩේ එකා නම් කිව්වේ එලොව ඉඳලා බැලුවත් සිරි ලංකාව පේන්නේ නෑ කියාය. ඇමොරිකාව, එංගලන්තය නම් පේනවා කියාය. උන් කරන ජුගුප්සාජනක වැඩ මෙහාට පේනවා කියාය. වටේ පිටේ උන් ඉන්නේ ඒ රටවලින් එකෙක් මෙහෙට එනකම්ය. ඒත් ඒ රටවලින් මෙහාට එකෙක්වත් එන්නේ නෑ කියා පාරේ බස් එකේ ඩ්‍රැයිවර් කොලුවා කිව්වාය. උන් අපාය හංදියෙන් බහින බව ඌ කිව්වාය. උඹත් දිගටම ඔය විදිහට හිටියොත් උඹවත් අලුත් අපාය හංදියෙන් බස්සනවා යැයිද උඹලට යන්න අලුත් අපායකුත් දැන් හදාගෙන යන බවද ඌ කිව්වාය. මට ඒ කතාව තේරැණේ නැත. ඒත් අපාය උනත් අලුත් නම් කමක් නෑ කියා මම හිත හදාගත්තාය. ඩ්‍රැයිවර් කොලුවා නම් කියන්නේ කණ්ණාඩි දැම්මත් උඹේ ඇස් පෙනීම හොඳ නෑ කියාය. " අසූචි වලක බැහැලා ඇවිත් අසූචි ගඳයි " වගේ වැඩ උඹ කරන බව ඌ කිව්වාය. ඌ නං කියන්නේ තුන් සූත්‍රය කියවලා ගිහින් හුජ්ජා කරලා බුදියගන්නේ නැතුව උඹ මේ කරන වැඩ වලට කෝවේ දාලා මැකෙව්වත් මදි කියාය. මං ඌට හැරමිට්ටෙන් ගසා පැන්නුවාය.


               මේ දවස්වල මට ලියුම් ගොඩාක් ලැබෙනවාය. මට කියවන්ට බැරි නිසා පුලු පුලුවන් විදිහට කියවන්නේ අල්ලපු ගෙදර එකීය. ඒකි කියන්නේ හැම ලියුමකම තියෙන්නේ " බංකියාගේ අම්මාට බුදු සරණයි ", " මූනාගේ අම්මා වැජඹේවා " වාගේ කතාය. ඉඳහිට එකෙක් දෙන්නෙක් උඹේ ආච්චි අම්මා ගැනද මතක් කර තිබුණාය. උඹ මිනිස්සු අතර සෑහෙන්න පොරසිද්ධ මිනිහෙක් වෙලා කියලා අල්ලපු ගෙදර එකී කිව්වාය. මේ දවස්වල මට හෙම්බිරිස්සාව තද වී තියෙන්නේද ඕක නිසා වෙන්න ඇති යැයි මං ඒකිට කිව්වාය. අනේ උඹට දවසින් දවස හරියන්න යැයි මං කියනවාය. මං නවතිනවාය. හොඳින් හිටපං.


 උඹේ අම්මා.



ප.ලි - අල්ලපු ගෙදර එකී ලියුමේ මුල උඹේ නම වැරදියට ලියා තිබුණාය. කියවනකොට වැරැද්ද අහුවුනාය. ඒ ගැන ඒකිට සමාකරන්න.





















කෙල්ල පෙන්නලා කාර් එකක් ගන්න.....

Thursday, March 31, 2011 19 අදහස්













       එදානම් මාරම දවසක්. මාරයි කියන්නේ කියලා වැඩක් නෑ. උදේට නැගිටුනේ හවස 4ට විතර. ඇදෙන් නැගිටලා, දත් වහල්ලත් උඩින් පල්ලෙන් අතුල්ලගෙන මූණට වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරලා. හොඳට මූණ හෝදලා එලියට එනකොට හවස 6ට විතර ඇති. ඊට පස්සේ දවල්ට කෑවා. දැන් හරි. දැන් ඉතින් තියෙන්නේ දෙයියනේ කියලා තියන දෙයක් හිතට අරගෙන අතට ගන්න එක තමයි. ඒක කරන්න යනකොටම හුටප්පර ෆෝන් රාජයා කෑ ගහනවා. කවුද බොලේ ඇලිස්...?.


" හෙලෝ " මං ඉතින් ජෙන්ට වගේ ඇහුවා.



" හෙලෝ මිස්ට රොබ්බට කතා කරන්න පුළුවන්ද .....? " 


" ඔව් පුළුවන් මිස්. ඌ ඉපදිලා ටික කාලෙකින් කතා කරන්න පටන් ගත්තේ වල් උලමෝ. ඇයි තෝ මේ ෆෝන් එකට ඩයල් කරේ මට කතා නොකර ආච්චිට හාල් ගරන්ඩද වස්සෝ...? "


" හරි හරි සොරි වෙන්ඩ ඕනෙ බන්. උඹ දැන්ද නැගිට්ටේ..? "


" පිස්සුද මනුස්සයෝ. මෙච්චර රෑ වෙනකම් නිදාගන්න මං මොකෙක් කියලද උඹ හිතාගෙන ඉන්නේ. දැන් පැය දෙකකට විතර කලින් මං නැගිට්ටේ "


"  හප්පච්චියේ. ඇයි උඹ එච්චර කලින් නැගිට්ටේ. තව ටිකක් නිදාගන්නනේ තිබ්බේ. ඒක නෙවෙයි පොඩි අයිටම් එකක් සෙට් වෙලා තියනවා. මොකද කියන්නේ මේ පැත්තේ එමුද.... බෑ වගේද.........?


ඌ කියපු විදිහෙන්ම මට වැඩේ මීටර් වුනා.


" කොහෙද උඹ ඉන්නේ දැන් ? "


" සෑමයාගේ රෑම් එකේ. ඉක්මණට වරෙන්. තාම පැකින් කැඩුවේ නෑ "




මාත් රා කළගෙඩි 23හමාරක් බීපු නාලාගිරි වගේ කෙලගෙන ගියා කියපු ස්පොට් එකට.



     බලන්න එපැයි. හරිම ලස්සන දර්ශනේ. සෑමයයි, සීපයි වටේ ඉඳගෙන බලාගෙන ඉන්නවා. කටවල් වලින් කෙළ බේරෙනවා. මැද මේසෙ උඩ ලස්සන ස්කයි වොඩ්කා එකයි, බොයිකා එකයි බැබලි බැබලී ඉන්නවා. මං කියන්නේ ඕනෙම කවි හදවතකට කවි සිතුවිලි උනන දරැසනයක්නේ ඕක. නැද්ද මං අහන්නේ ?


" ආ රොබ්බා ආවා. කඩමු කඩමු. "   සීපට එකසිය ගානට තදියම. මට එකසිය ගානට මල. මං තව හරියට ඉඳගත්තෙවත් න්ඈ.



" තෝ මෙතන උඩ දාගෙන නැටුවට මූඩිය කැඩුව ගමන් වාෂ්පෙට තෝ ගෙම්බා ගැහුවා වගේ බිම. දහ අට සන්නිය දාන්නේ නැතුව හිටු පිලිවලකට ඉඳගෙන වැඩේ කොන් නැතුව ලස්සනට කරනකං " සෑමා මගේ ලයින් එක සීපට අතෑරියා.


" හා ඉතින් උඹලම කරගනිල්ලකෝ ".  පව් අහිංසකයා. බල්ලා පූසා වගේ කන් අකුලගෙන කීං කීං ගානවා.



     දැන් ඔය පිලිවලට පටන් ගත්තට 2nd රවුන්ඩ්, 3rd රවුන්ඩ් යනකොට ඉඳගෙන ඉන්න තැන්වලිනුත් බිම කියලා අපි දන්නවා.


කොහොම හරි වැඩේ සුබ මුහුර්තියෙන් ආරම්භ වුනා. තුන්වෙනි රවුන්ඩ් එකට සිල්කෙට් වුනේ මායි සෑමයි විතරයි. සීපගේ සෘතිය අවුල් ගිහින් ඌ දෙවන වටයෙදි වගේ තරඟයෙන් නිතරඟෙයන්ම ඉවත් වුනා. ඒත් ඌ අතෑරියේ නෑ. සුපර් ස්ටාර්ස් වැටුන තරැ ඊලඟ වට බලන්න එනවා වගේ මූත් දිගටම අයිස් ටී බෝතල් වලටයි, කෝලා බෝතලේටයි, බයිට් ටිකටයි වග කියනවා. ටිකක් වෙලා යනකොට කස්ටියටම නල්ල මලේ.


ඊලඟට පටන් ගන්නේ ඒ ඉවෙන්ට් එකේ මෝස්ට් සෙන්සිටිව්ම පාර්ට් එක. ඒ තමයි පරණ ලව් ස්ටෝරි කිය කිය අඬන එක. ඒ අතින් සෑමයි, සීපයි සෑහෙන ඉදිරියෙන්. මම ඉතින් අම්ම කියන දේ විතරනේ කලේ. අම්ම කිව්වා ලව් කරන්න එපා කියලා. කෙල්ලෝ දිහා බලන්න එපා, උන් මහ නපුරැ ජීවී විශේෂයක්, උන්ගේ ප්‍රියතම ආහාරය නාඹර වයසේ පසුවන අප වැනි කොලු ගැටවුන්ය කියලා.  ඒක නිසා මං කලේ නෑ ( වගේ ඉන්නවා ).



සෑමා වරෝ නැතුව කියවනවා. මල කං කරච්චලේ...


    " මෂංලා, රොබ්බා මට මගේ අයියා වගේ. සීපා මට මගේ මල්ලි වගේ. " ඕකට වැදුනම සාමාන්‍යයෙන් ඕක කියනවා.


" මං උඹලට ඕනෙ දෙයක් කියනවා. "


" ඔව් මෂං. උඹ එහෙමයි. කියපාංකෝ මෂං.." සීප උඩගෙඩි දෙනවා. ඌට හෙන හැපි, එකෙක් ඌට මල්ලි කිව්වනේ. උගෙ අයියත් බයයි ඌව මල්ලි විදිහට පිලිගන්න.


" මෂං. මං කිව්වා නේද උඹලා මගේ මල්ලිලා වගේ කියලා. ( ඉස්සෙල්ලා මූ මට අයියා කියලා නේද කිව්වේ ?. ). මං උඹලාගේ අයියා වගේ උපදෙසක් දෙන්නම්. " කෙල්ලන්ගෙන් ප්‍රවේසම් වනු " . මොකද... මාත් කාලයක් එකියෙකුට බොක්ක දීලා ලව් කලා. ඒකි අවුරැදු එක හමාරක්වත් හිටියේ නෑ කොහෙවත් යන කලු කුමෙක් එක්ක යාලු වෙලා මාව අමතක කලා... "


ඔව් ඉතින්. ඒක අවුලක් නෑ. මොකද ඌ කෙල්ලට බොක්කනේ දීලා තියෙන්නේ. ඕකගේ අවුටර් කේසින් එකේ ගඳ දැනෙනකොට හිතාගන්න පුළුවන් උගේ බොක්කේ හැටි. කෙල්ල අවුරැදු එක හමාරක්වත් හිටිය එකයි පුදුමේ.


සීපට වෙරිවුනත් ඌට හෙනම අවුල්" අවුරැදු එකහමාරක්වත් හිටියේ නැද්ද බන්..? "


" නෑ බං "


" ආන්න ඒක කැත වැඩේ. අඩුම තරමේ අවුරැදු එක හමාරක්වත් ඉන්න තිබුණා. ඊට කලින් ගිය එකයි කැතම වැඩේ.."


" මොකක්ද බොල කිව්වේ..? නොදකින් ගස් නරියා. රොබ්බා මේ පකිස් බූරැවාව පන්නලා දාපන්.



ඉතින් මෂංලා, මං කිය කිය හිටියේ අර කෙල්ල වෙනුවෙන් වියදම් කරපු සල්ලිවලින් කාර් එකක් ගත්තා නම් මං අද පට්ට හැපි එකේනේ බන්. "



" අන්න හරි බාං. අර ෆේමස් සෝන්ග් එකක් තියෙන්නේ ඇන්ටන් බාලසිංහම් කියන

                          ගෑණු ජාතිය

                         ජරා ජාතිය

                       ගලේ ගහපිය

                          මරා කාපිය                        කියලා. මතක නැද්ද...? "   සීපට මතක් වෙන්නේ මිලේච්ඡ



සිංදුනේ. මං හිතන්නේ ඕක නායක වැද්දා වෙන්නැති කියන්න ඇත්තේ....

ඒ මොනවා උනත් සෑමා කෙල්ලෙක්ට වඩා කාර් එකක් හොඳයි කියපු එක මට එච්චර දිරෙව්වේ නෑ.

" ඒ මොකෝ සෑමෝ එහෙම කියන්නේ. තොට කාර් එක තුරැළු කරගෙන බුදිය ගන්නවත් පුළුවන්ද ?. "


" ඇයි බොල ගිරිගෝරිස් ආතේ... තොට තේරෙන්නේ නැද්ද...?. කාර් එක ස්ටාර්ට් වෙන්නේ මට ඕනෙ වෙලාවට විතරයි. ආනිත් වෙලාවට කොහේ හරි දාලා ලොක් කරන්න පුළුවන්. මහ දවල් අව් කාස්ටේ ඇවිදින්න ඕනේ නෑ දාඩිය දාගෙන. A/C එක දාගත්තා සපාන් එකේ හිටියා. හැමදාම ඉරාගෙන රීලෝඩ් දදා මැසේජ් කරන්නයි, කෝල් කරන්ඩයි ඕනෙද කාර් එකට...?. පොඩ්ඩ පරක්කු වුනිත් බැණුම් එලෝ කෝටියයි, පුහ්...ගෑස්.... කාර් එක එහෙමද මැට්ටෝ. ඕනෙ වෙලාවට දොර ඇරලා නඟින්ඩ විතරයි තියෙන්නේ. ඇනිවසරි එකටයි, වැලන්ටයින් එකටයි, බර්ත්ඩේ එකටයි, අරකටයි, මේකටයි කිය කියා හැම අලුගුත්තේරැ ඩේ එකක්ම සෙලිබ්‍රේට් කරන්න වෙන්නේ නෑ කාර් එකකට. මාරම කැහිල්ලක් තියනවා නම් කාර් එක ගත්ත දවස සෙලිබ්‍රේට් කරන්න ගහපාන් ෆුල් ටෑන්ක්. එහෙම නොකලයි කියලා කාර් එක තෝව එලියට දානවද ?. නෑ. අන්තිම තෙල් බිංදුව වෙනකම් දුවනවා. ඕනෙම කෙල්ලෙක් දවසක කාර් එකක් ඕනෙ වෙනවා. ඒත් කාර් එකට කෙල්ලෙක් ඕනෙ වෙන්නේ නෑ නෙ බාං. අනිත් එක  කාර් එක පෙන්නලා කෙල්ලෙක් දාගන්න පුළුවන් වුනාට කෙල්ල පෙන්නලා කාර් එකක් ගන්න බෑනේ බාං....... "


ඌ වෙරි මරගාතේ ඔහේ කියාගෙන ගියත් ඌ වැරදිලාවත් ඇත්තක්ද කිව්වේ කියලා කල්පනා කරලා බලන්න ඕනෙ...... ඒක තවත් බොන්න ඕනෙ ප්‍රශ්ණයක්ද මන්දා....?




අවාසනාවට එක් කුණුහබ්බ කතාවක්.....

Saturday, March 26, 2011 14 අදහස්

                 



                    ඕක නැතුව ඉන්නම බැරිද හැබෑට...? එකෙක් කියනවා ජීවත් වෙන්න අරක ඕනෙමලු. ආච්චිගේ රෙ......  එතකොට ඌට බඩගිනි හැදුනහම අරක කාලද ජීවත් වෙන්නේ....? . තවත් එකෙක් කියනවා ඌට දැනුන විදිහට ඒක මාර සුන්දරයි ලු. පස්සේ කාලෙක උගේ කටින්ම කියනවා "ගියා නම් තෝ තියන හැම මඟුලම අරන් පල, මට තොගේ අහවල් එක වැඩක් නෑ. ඒක දැනෙන්නෙත් නෑ. ඒකෙ කිසි ආතල් එකක් තිබුණෙත් නෑ " කියලා. මඥ්ඥංද අමාරිස් කිව්වලු.  තව සමහරැ ඕක ගැන පිටු ගණන් ලියනවා. " ඕක නැතුව හිටියොත් චා වෙනවලු ", " අනිවාර්යයෙන්ම ඕකක් හොයාගනින්ලු. නැත්නම් පස්සට අප්සට් ලු ". මෝඩ ආතල්. සූප්පුවෙන් කිරි බොන උන්ට හොඳයි කියවන්න. ( හොඳ වෙලාවට ඕවා ලියන උන්ට මාව පේන්නේ නෑ . නැත්නම් උන් බය වෙයි. )




                මට තේරෙනේ නෑ බොලවු. මිනිස්සු හැම එකාටම කෑමට බීමට වඩා ඕනෙ වෙන මේ අරක මොකක්ද කියලා. මට තේරෙන්නේ නෑ බොලවු. උන් මෙච්චර කියන ආතල් එක පස්සේ පස්සේ උන්ගෙම කන්වලින් බේරෙන්න ගන්නේ ඇයි කියලා... සමහර විට මට ඒකෙ ආතල් එක දැනෙන සංවේදී අවයවය නැතුව ඇති..... සමහර විට....


            ( සමහර විට මගේ ඒ අවයවය ගැන වෙන එකියක්ට හිතක් පහල වෙලා ඒක හොරකන් කරගෙන ගියාද කවුද දන්නේ.... ? මට හරියට මතක නෑ නේ. )   හික්. අවුලක් නෑ. මට නම් අරක ගැන ප්‍රශ්ණයක් නෑ. මොකද මං වටේ ඉන්න හැමෝම හිතන් ඉන්නේ මං අර කිව්වත් වගේ අරකේ ආතල් එක ගන්න ඕනෙ නැති රොබෝ කෙනෙක් කියලා. එකෙක් නම් මට කෙලින්ම කිව්වා " තොට අරක දැනෙන්නේ නැත්තේ තොගෙ ඒක දැනෙන එක මැරිලද යකෝ...? " කියලා . මං ඌට හිනාවෙලා කිව්වා " සමහර විට වෙන්න ඇති බං " කියලා. ඒත් කෝකටත් කියලා ඌ ගියාට පස්සේ මං හොයලා බැලුවා. ඇත්ත තමයි. මට දැනෙන්නෙත් නෑ නෙ බොලවු. ඒකට මොනවා හරි ප්‍රතිකර්මයක් තියනවද හැබෑට.....?


  ඔය කවුරැ මොනවා කිව්වත් මම කියන්නේ ඕක අත්‍යාවශ්‍යම නෑ ජීවත් වෙන්න. නැත්නම් මම මේක ලියන්න මේ ලෝකෙ නෑ නේ. හෝව් හෝව්...මම කිව්වේ " ජීවත්වෙන්න " කියලා විතරයි. " සතුටෙන් ජීවත් වෙන්න " නම් ඕක ඕනෙ තමයි. මොකද ඕක නැති වුනම එකෙක්ට තමයි ඕකෙ අගේ තේරෙන්නේ. ඒක නිසා මං කියන්නේ, ඕක තියන උන් ඇස් දෙක වගේ තියන එක පරිස්සම් කරගනිල්ලා. නැති උන්, ඒක දැනෙනවා නම් හොයාගෙන ගිහින් හරි සෙට් කරගනිල්ලා. දැනෙන තැනකින් ඕක කරපල්ලා. නැති එකෙක් දිහා කරැණාවෙන් බලපල්ලා....




එක් සත්‍ය කතාවක්.....









ඕක = අරක = ඒක = අහවල් එක =   ආදරය