මොන පකිස් බූරැවාද එහෙම කිව්වේ.......?

Sunday, January 30, 2011



මොකාද බන් කියන්නේ ලෝකෙ දකින්නේ ඇස් වලින් විතරයි කියලා...?
මොකාද බන් කියන්නේ ඇහෙන්නේ කන් වලින් විතරයි කියලා....?        

මොන පිස්සුද බන්,

ලස්සන පපුවක් නැති මිනිහෙක් මොනවද බන් දකින්නේ....?,
කියපන් ඌ උගෙ ජීවිත කාලෙට මොනවද බන් අහන්නේ.....?        

ඉතින් මචං...
උඹ මොන එකකටද බය වෙන්නේ..?

මේ ලෝකෙ හරි ලස්සන තැනක් බන්. ජීවිතෙත් ඒ වගේ තමයි.  ඒත් ලස්සන පේන්න නම් පොඩ්ඩක් නරක දේවලුත් තියෙන්න ඕන. එතකොට තමයි හොඳ, ලස්සන තැන් ඉස්මතු වෙන්නේ. නැද්ද මං අහන්නේ...?

හරි දැන් උඹම කියපන් බලන්න, කියපන් උඹට හිතෙනවද උඹ ඉන්නේ අසරණ වෙලා කියලා. අසරණ වෙන්නේ කාත් කවුරැත් නැතිවුනහමනේ බන්. වටපිට බලපන් පොඩ්ඩක්. උඹත් එක්ක සටන් බිමට යන්න පොරකන සෙට් එක. කට්ටිය ඉන්නවනම් මොනවද බන් කරන්න බැරි. ඕනෙනම් ලෝකෙ අනිත් පැත්තට කරකවන්නත් පුළුවන්නේ.
උඹ දන්නවද මන්දා, උඹ හිතලා වැටුනත් අපි උඹට වැටෙන්න දෙන්නෙ නෑ කියලා. මොකද දන්නවද....?
හා....පුළුවන් නම් කියපන් බලන්න.


නෑ, වැරදියි, හිටපන්, මමම කියන්නම්... ඒ මොකද දන්නවද බන්......?




ඇයි කොල්ලෝ, උඹ අපේම එකෙක්නේ මචං........
 


2 අදහස්:

  1. සෝරෝ said...

    සිරාවට ලියලා තියේ බං....
    මරු........

  2. නෙරංජි සුලක්ඛනා said...

    වෙරිම නයිස්