තුං නොදකින්.......

Saturday, March 12, 2011




       සිංහලයා සිංහලබිමේ හරි හරි වැඩ කරන්නට පටන් අරන් තිබේ. රජ ෆන්, පිස්සු පීකුදු වෙන සයිස් එකට කරන්නට තරම් බුවාස්ලා වී තිබේ. නමුත් එය අප ජාතියේ අවසානයේ ඇරඹුමදැයි සැකයක් මතුවේ. මා මෙසේ කියන්නේ ඊයේ සයිබර් පිටුවක තිබූ වීඩියෝවක් දැකීමෙන් හා ඒ ගැන තොරතුරැ ලංකාවෙන් දැන ගැනීමෙන් පසුවය. 

කෙලින්ම කතාවට බැස්සොත්, මා මේ කතා කරන්නේ තෙල් මන්ද වැඩි වුන හරක් පැටවු ටිකක් එකතු වී දළඳා මැදුර ඉදිරිපස පවත්වන ලද කාර් රේස් එක ගැනය. කාර් රේස් එකක් පැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු ස්ථාන ලංකාවේ බොහෝ ඇත. එය නුවරම පැවැත්වීමට යමෙකුට අවශ්‍ය වුනි නම් ඒ සඳහා යොදා ගත හැකි වෙනත් මාවත්ද බොහෝ ඇත. D.S සේනානායක වීදියේ ක්වීන්ස් හෝටලය අසල හන්දිය මඟහැර වැව රවුම වුවද මේ සඳහා යොදා ගත හැකිව තිබුණි( අත්‍යාවශ්‍යම නම් ). නමුත් පූජනීයභූමියක් වන අප සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් වන දළදා වීදිය ඉදිරිපිට මේ ආකාරයේ දෙයකට යොදාගැනීම ගැන නම් ඇතිවන්නේ මහත් පිලිකුලක් මිශ්‍ර හැඟීමකි. 

    මෙම අමන කාර් රේස් එක පැවැත්වීමට පෙර දෙපස වැලි ගෝනි දමා රේස් ට්‍රැක් එකක් නිර්මාණය කර තිබූ බවද වාහන ගමනා ගමනයට බාධා කර තිබූ බවද දැනගන්නට ලැබුණි. තවද පොලිස් ආරක්ෂාවත් මේ සඳහා යොදා තිබෙනු දැක ගත හැකිවිය. නිල නොලත් ආරංචි මාර්ගයක් මට පැවසුවේ මේ රේස් එක සංවිධානය කර තිබුණේ " නාමල් කුමාරයා " බවත් ඔහුත් රේස් එකට සහභාගී වූ බවත්ය. ඒ කතාවේ ඇත්ත  නැත්ත කෙසේ වෙතත් මෙම රේස් එක එසේ මෙසේ කෙනෙකුට සංවිධානය කල නොහැකි බවනම් පැහැදිලිය. එකක් මෙය පූජා භූමියකි. අනෙක දියවඩන නිලමේ කෙසේ වෙතත් මල්වතු අස්ගිරි නායක හිමිවරැන් නිහඬය......

තත්වය එසේනම් " දළදා සුපර් ක්‍රොස් " සංවිධානය කල උන් මීලඟට අවුරැදු උත්සවය පැවැත්වීමට ජය ශ්‍රී මහ බෝ මලුව යොදා ගැනීමට ඉඩ ඇත. ජය ශ්‍රී මහ බෝ සමිඳු අතු ශාකාවක  ඔංචිල්ලා බැන්දත් මා පුදුමයට පත් නොවනු ඇත. මන්ද යත් සිංහල බෞද්ධයන්ගේ ඇස් දෙක වැනි දළදා මාලිගාව හා ශ්‍රී මහ බෝධි භූමියෙන් එක් ඇහැකට මරිජ්ජ හෙලූ මිනිසුන්ට අනිත් ඇහැට මරිජ්ජ හෙලීම මහ කජ්ජක් නොවන නිසාය. 

බලය ලැබුන පසු තමන් මේ විශ්වයේම ජගතා යැයි යම් පුත්තලම් බූරැවෙක් සිතන්නේ නම් ඔහුගේ අවසානයද වැඩි දුර නොවන බව කවුරැත් තේරැම් ගත යුතුය. ඒවාට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයෙන් ගත හැක. ජනතාවගෙන් ඈත් වී, ජනතාවගේ සිතුම් පැතුම් වලට අභියෝග කල සැමටම සිදුවූයේ පැත්තකට විසිවීමටය. පුත් කුමාරයාට උඩ රටින් කෙල්ලෙක් සෙව්වාට රජ කම ස්ථිර කල නොහැකි බව පිස්සු නටන ඇත්තෝ තේරැම් ගත යුතුය.හැම දාම එකම මඟුල කියවමින්, අනෙකා කප කපා ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන සියළුම දේශපාදඩ නිවට කැණහිලුන් මෙය තේරැම් ගත යුතුය. උඩ පැන පැන අනුන්ගේ අසූචි රෙදි සෝදන මාධ්‍යකරැවන් එය තේරැම් ගත යුතුය. 

මේ පුණ්ය භූමියට අභියෝග කල අය ගිය දුර බොහෝ කෙටිය. ගැටළුව එය නොවේ. ගැටළුව ඇත්තේ, දළඳා වහන්සේව විහිළුවකට ගන්නට තරම් සිංහලයා ගිය දුර ගැනය. කණගාටුව කරැණද, බියට කරැණද එයයි......

අර කවුදෝ කී පරිදි පෝලිමට ඇවිත් නුවර වැවට පැන මැරෙන්නට සිංහලයාට කාලය එලඹී ඇත්ද...?



" මගේ රටට දළඳා හිමි සරණයි.....! ":

9 අදහස්:

  1. Anonymous said...

    මුන් කෙළින පිස්සු වල හැටියට ඔයින් ගියා මදෑ......

  2. Anonymous said...

    නියමයි කොල්ලො උඹල වගේ හිතන උන් තමයි රට ජාට්ජිය රැක ගන්න ඕන. අපි මේව ගැන මිනිස්සු දැණුවත් කරමු. මේවගේ අලුගුත්තේරු ක්‍රියා නවත්වන එක අපේ වගකීම් අසහ යුතුකම.
    -උඹට ජය!

  3. Unknown said...

    පැත්ත ගියත් ඇත්ත කතාවට අපෙත් සහයෝගය.සිංහල බෞද්ධයනි අවදිවව් ! මහින්දගේ එකම බලවේගය නුඹලා පමණක් බව සිහිකරව්. කොටියා ඉවරයැයි නිදි නොවදිව්.

  4. චතුවා said...

    මමත් ගියා ඕක බලන්න.. මං හිතන්නේ මේ ලියපු කෙනත් යන්න ඇති. මටත් සිරාවටම දුක හිතුනා දළඳා වීදියෙන් මේ රේස් එක ගිය එක ගැන. ඒ වගේමයි ඇවිල්ලා හිටපු අය..

    වැල්බෝධිය පැත්තේ ඉඳගෙන බියර් බීබී ගෑණු පිරිමි දෙගොල්ලම හරි සංවරව උන්නා..

  5. හිස් අහස said...

    අද ඔය වෙච්ච දේ පොඩි දෙයක් කියලා අත පිහ ගම්මු .. ඒත් හෙට ? ...අපි මොනවා කරන්නද මේ රටේ කතා කිරීමේ නිදහස උපරිමේටම තියනවා. ඒත් ! කතා කරාට පස්සේ නිදහසක් නෑ

  6. Unknown said...

    අපි හැම දේකටම ගළාගෙන යන්න දෙන්න ඕනි අන්තිමේට ඉතිරිවෙන දේ තමයි වැදගත්. ශ්‍රේෂ්ඨ දේවල් කවදාවත් බලෙන් රැකගන්න ඕනි නෑ ඒ දේවල් ඉබේම රැකෙනවා. මිනිස්සුන්ගේ මේ වගේ සිතුවිලිත් එක්ක. මේ ලිපිය හරියටම හරිද කියලත් හිතෙනවා..

  7. රොබින් said...

    අදහස් දැක්වූ සියළුම දෙනාට ස්තූතියි.

    @මිත්‍යාදෘෂ්ටිකයා

    සහෝදරයා මට ඔබ සමඟ කොහෙත්ම එකඟ වෙන්න බෑ. අතීතයේ ඉඳලා මේ රටේ ආගමත් ජාතියත් රැකගත්තේ සිංහලයා නිකම් ඉඳගෙන නෙවෙයි. විවිධ ක්‍රම වලින් කරන ලද සටන් වල ප්‍රථිපල විදිහට තමයි අද මේ රටේ බෞද්ධාගම ඉතිරි වෙලා තියෙන්නේ. ඒ ඉතිහාසය වචනෙන් වචනෙ ලියන්න ඕනෙ නෑ නේ. ලෝකේ හැම හොඳ දෙයක් සඳහාත් ඒ තියරිය වලංගුයි. උදාහරණ ඕනෙ තරම් මේ ලෝක ඉතිහාසයේ තියනවා. නිකම් ඉඳලා කිසිම දෙයක් ලබාගන්න බෑ මිත්‍රයා. වැඩකරන්න ඕනෙ. කතා කරන්න ඕනෙ. මහන්සි වෙන්න ඕනෙ. කැප වෙන්න ඕනෙ. හැම දේකටම ඒක වලංගුයි.

  8. Unknown said...

    මේක හුදෙක් අදහස් දැක්වීමක් පමණයි මිත්‍රයා... මම ඔබ වැරදියි කියලා කිව්වේ නෑ.. මම කිව්වේ භක්තිය හා රේස් එක අතර සම්බන්ඳය ගැන පමණයි. භක්තිය සැම විටම අන්ඳ විශ්වාසයක් නොවිය යුතුයි.

  9. රොබින් said...

    ප්‍රශ්ණයක් නෑ මිත්‍රයා. භක්තිය ගැන ඔබේ අදහසට මම එකඟයි. නමුත් ඉහත අදහසටයි එකඟ නැත්තේ. ඔබේ අදහස් ගරැ කරනවා. ස්තූතියි