අවාසනාවට එක් කුණුහබ්බ කතාවක්.....

Saturday, March 26, 2011

                 



                    ඕක නැතුව ඉන්නම බැරිද හැබෑට...? එකෙක් කියනවා ජීවත් වෙන්න අරක ඕනෙමලු. ආච්චිගේ රෙ......  එතකොට ඌට බඩගිනි හැදුනහම අරක කාලද ජීවත් වෙන්නේ....? . තවත් එකෙක් කියනවා ඌට දැනුන විදිහට ඒක මාර සුන්දරයි ලු. පස්සේ කාලෙක උගේ කටින්ම කියනවා "ගියා නම් තෝ තියන හැම මඟුලම අරන් පල, මට තොගේ අහවල් එක වැඩක් නෑ. ඒක දැනෙන්නෙත් නෑ. ඒකෙ කිසි ආතල් එකක් තිබුණෙත් නෑ " කියලා. මඥ්ඥංද අමාරිස් කිව්වලු.  තව සමහරැ ඕක ගැන පිටු ගණන් ලියනවා. " ඕක නැතුව හිටියොත් චා වෙනවලු ", " අනිවාර්යයෙන්ම ඕකක් හොයාගනින්ලු. නැත්නම් පස්සට අප්සට් ලු ". මෝඩ ආතල්. සූප්පුවෙන් කිරි බොන උන්ට හොඳයි කියවන්න. ( හොඳ වෙලාවට ඕවා ලියන උන්ට මාව පේන්නේ නෑ . නැත්නම් උන් බය වෙයි. )




                මට තේරෙනේ නෑ බොලවු. මිනිස්සු හැම එකාටම කෑමට බීමට වඩා ඕනෙ වෙන මේ අරක මොකක්ද කියලා. මට තේරෙන්නේ නෑ බොලවු. උන් මෙච්චර කියන ආතල් එක පස්සේ පස්සේ උන්ගෙම කන්වලින් බේරෙන්න ගන්නේ ඇයි කියලා... සමහර විට මට ඒකෙ ආතල් එක දැනෙන සංවේදී අවයවය නැතුව ඇති..... සමහර විට....


            ( සමහර විට මගේ ඒ අවයවය ගැන වෙන එකියක්ට හිතක් පහල වෙලා ඒක හොරකන් කරගෙන ගියාද කවුද දන්නේ.... ? මට හරියට මතක නෑ නේ. )   හික්. අවුලක් නෑ. මට නම් අරක ගැන ප්‍රශ්ණයක් නෑ. මොකද මං වටේ ඉන්න හැමෝම හිතන් ඉන්නේ මං අර කිව්වත් වගේ අරකේ ආතල් එක ගන්න ඕනෙ නැති රොබෝ කෙනෙක් කියලා. එකෙක් නම් මට කෙලින්ම කිව්වා " තොට අරක දැනෙන්නේ නැත්තේ තොගෙ ඒක දැනෙන එක මැරිලද යකෝ...? " කියලා . මං ඌට හිනාවෙලා කිව්වා " සමහර විට වෙන්න ඇති බං " කියලා. ඒත් කෝකටත් කියලා ඌ ගියාට පස්සේ මං හොයලා බැලුවා. ඇත්ත තමයි. මට දැනෙන්නෙත් නෑ නෙ බොලවු. ඒකට මොනවා හරි ප්‍රතිකර්මයක් තියනවද හැබෑට.....?


  ඔය කවුරැ මොනවා කිව්වත් මම කියන්නේ ඕක අත්‍යාවශ්‍යම නෑ ජීවත් වෙන්න. නැත්නම් මම මේක ලියන්න මේ ලෝකෙ නෑ නේ. හෝව් හෝව්...මම කිව්වේ " ජීවත්වෙන්න " කියලා විතරයි. " සතුටෙන් ජීවත් වෙන්න " නම් ඕක ඕනෙ තමයි. මොකද ඕක නැති වුනම එකෙක්ට තමයි ඕකෙ අගේ තේරෙන්නේ. ඒක නිසා මං කියන්නේ, ඕක තියන උන් ඇස් දෙක වගේ තියන එක පරිස්සම් කරගනිල්ලා. නැති උන්, ඒක දැනෙනවා නම් හොයාගෙන ගිහින් හරි සෙට් කරගනිල්ලා. දැනෙන තැනකින් ඕක කරපල්ලා. නැති එකෙක් දිහා කරැණාවෙන් බලපල්ලා....




එක් සත්‍ය කතාවක්.....









ඕක = අරක = ඒක = අහවල් එක =   ආදරය     



 

14 අදහස්:

  1. Anonymous said...

    මටනම් අරක නැතුව වැඩක් නෑ බං. මේ සේරම කරන්නෙ ඕක හන්ද තමයි මම නම්. අරකෙන් නැති ලොවක් නැත !

  2. රොබින් said...

    මට නම් කිව්වත් වගේ ඕක නැත්තටම නැතිවෙලා නිසා මේ දවස් වල හොයන්න මහන්සි වුනා. :)

  3. පූසා said...

    මටත් තාම අහවල් එකක් හම්බ වුනේ නෑනේ....

  4. වැප් said...

    අරකක් එයාටත් තියනවා, හැබැයි අරයාගේ අරක තරම් ඒක එල නැහැ කියලා තමයි අරකට හිතෙනේනේ. :D

  5. Maleth Kushan said...

    මගේ අරකත් දැන් කවුද මන්දා ඉල්ලන්න යන්නෙ, නොදීත් බෑ දීලත් බෑ. හැබැයි එයාගෙ අරක මට මාර විදියට වටිනවා

  6. රොබින් said...

    @පූසා
    මුළු ලෝකෙන්ම තනිවෙලාද ?



    @වැප්
    ඒ මොකක්ද සහෝ ඒ...?



    @MK
    එහෙනම් වැඩි කතා මොකටද....?

  7. Anonymous said...

    මට නම් ඒක හම්බ වුනේ ලඟදී,මම ඕක කරන්න පටන් ගත්තෙත් ලඟදී,

  8. Mahesh B Dahanayake said...
    This comment has been removed by the author.
  9. mahesh said...

    පට්ට ආ

  10. රොබින් said...

    @බීටා

    සතුටුයි. සතුටුයි.


    @mahesh

    ස්තූතියි

  11. හරී said...

    ඕක නැති හින්දා හිතෙනවා අනේ මට විතරයි නැත්තෙ කියලා
    ඒත් සමහර එවුන් ඕක හින්දා විඳවනවා දැක්කාම ඕක නැති එකමයි හොඳ කියලා හිතෙනවා......

  12. රොබින් said...

    පැණි හැලියට යන ඇඹලයාටත් ඔකමලු හිතෙන්නේ මිත්‍රයා. ස්තූතියි.

  13. සාතන් said...

    ආපෝ... ඕක මහ කරදරයක් බන්... මම නම් ඕක විසික් කලා... දැන් නෑ...
    මාර සනීපයි අහවල් එක නැතුව ඉඳිද්දි....

  14. රොබින් said...

    ටික කාලයයි මචං. ඒකත් එපා වෙයි දවසක