2011.04.29
වළා හංදිය,
වළා හංදිය,
එලොව.
උඹේ සැප දුක් කෙසේද ?. මට නම් වැඩි සනීපයක් නැත. මේ දවස් වල මට නම් වැඩි හොඳක් නැත. දොස්තර මහත්තයා නම් කිව්වේ මට නිව්මෝනියා ද මොකක්දෝ කියාය. මගේ ඇස් පෙනීමත් දැන් එන්න එන්නම හොඳ නැත. මේ ලියුම ලියන්නේද අල්ලපු ගෙදර එකීට කියලාය. මං ලියන්න ඕනෙ දේ ඒකිට කියනවාය. ඒකි ලියනවාය.
උඹ දැන් ටැලිවිසොන් එකෙත් ඉන්නවා කියලා මිනිස්සු කතාවෙනවාය. උඹ සුපර් ඉස්ටාර් ඉන්නවාදැයි මං උංගෙන් ඇහුවාය. උං මට කිව්වේ උඹ ඉන්නේ ටැලොන්ට් ඉස්ටාර් එකේ කියලාය. උඹ පොඩි කාලෙත් ටැලොන්ට් දැයි උං මගෙන් ඇහුවාය. උඹේ ටැලොන්ටු මට හරියට මතක නැති නිසා උඹ මොන ටැලොන්ට් එකටද ඉස්ටාර් වෙලා ඉන්නේ දැයි මං උංගෙන් ඇහුවාය. උඹ නටන්න දක්ෂ බව උන් මට කිව්වාය.උඹ වැඩියෙන්ම නටන්නේ රෑකඩ බවත් උන් මට කීවාය. මට මල විද්දාය. මොකද උඹ පොඩි කාලේ මට කිව්වේ ඇද තියන පොලොවේ නටන්න උඹට බැරි බවය. නැත්නම් මං උඹව ඩාන්සින් ඉස්ටාර් කෙනෙක් කරනවාය. තව එකෙක් නම් කිව්වේ උඹ ඊට වඩා හොඳ කොමඩි ඉස්ටාර් එකට බවය. මට තේරෙන්නේ නැත. උඹේ ඉස නිකට පැහෙන කාලෙට නැති දක්සතා මතුවෙන බව උඹේ හඳහනේ තිබුණා මතකය. අනික මේ අබුද්දස්ස කාලේය. " අයංතු කාලේන කජ්ජේන පුහුලං " කියලා බණ පොතෙත් තිබුණා කියා කවුදෝ කිව්වාය. අබුද්දස්ස කාලේ හැදෙන කජු ගෙඩි ඇතිලේ පුහුල් තියනවා කියලා ඒ කියපු කෙනා කිව්වාය. කොහොමින් කොහොම හරි උඹට හරියන එක ගැන මට සතුටුය. ඒත් උඹ මගේ පුතා යැයි ප්රසිද්ධියේ කියන්න යන්න එපා යැයි අල්ලපු ගෙදර එකී කීවාය. ඒ ඇයි කියලා නම් මම දන්නේ නැත.
මට උඹේ පොඩි කාලේ මතක් වුනාය. උඹ පොඩි කාලේ හරියට හඳ වගේය. වැඩි කාලයක් ඉන්නේ බාගෙටය. මාසෙකට එක දවසක් සම්පූර්ණ වෙනවාය. එදාට පිස්සුය. උඹත් හරියට ඒ වගේය. උඹ තාමත් ඒ වගේය. ගිය අවුරැද්දෙත් මේ කාලේ උඹ ගැන සෑගෙන්න මිනිස්සු කතා වුනා වගේ මතකය. ඒ සැරේ නම් උඹ සිරි ලංකාවත් එක්ක මොකක්දෝ හුටප්පොරයක් ඇතිකොරගෙන හිටියා වගේ මතකය. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු කියලා ටැලිවිසොනයේ තට්ට කොලුවෙක් කීවාය. ඒක නිසා මේ සැරේත් උඹ ටැලිවිසොනයේ ඉන්නවා යැයි මිනිස්සු කියනකොට මම බය වුනාය....
උඹේ කෑම, බීම කොහොමද ?. නාන්නේ වතුර මලෙන් හරි නිල් කැටේට වතුර තියන පොකුණෙන් බව අල්ලපු ගෙදර එකී කියනවාය. ඒක සැපදැයි මං ඒකිගෙන් ඇසුවෙමු. රජ සැප ඇති යැයි ඒකි කිව්වාය. උඹ පොඩි කාලේ නම් නෑ පහල ලිඳෙන්ය. උඹම තනියම ඇඳගෙන නෑවාය. අල්ලපු ගෙදර උන් නාන්න යනකොටත් උඹ ගිහින් උන්ටත් වතුර ඇඳ දී උඹත් නාගත්තා මතකය. උඹ තාමත් නානවා ඇත්තේ අර පොකුණෙන් වතුර ඇදගෙන වෙන්න ඇති යැයි මං අල්ලපු ගෙදර එකීට කීවාය.
උඹ තාමත් නයි, සරැපයි ඇතිකරනවාද ?. උඹ පොඩි කාලෙත් අහල පහල ඉන්න නයි ගේ ඇතුලට දාගෙන ඇති කෙරැවාය. ඔඩොක්කුවේ තියාගෙන කිරි පෙව්වාය. දවසක් එක සරැපයියෙක් ඇඳ උඩ තියාගෙනම උඹට නින්ද ගිය වෙලාවක ඌ උඹේ කලිසම ඇතුලට රිංගා ඌ කල නරි නාඩගම උඹට මතකයැයි සිතමි. දැන් නම් උඹ අහක යන සරැපයි රෙද්ද අස්සේ දාගන්නේ නැතැයි සිතමි. මොකද උඹ දැන් ඉන්නේ " කනවෝ කනවෝ " කිය කියා උඩ පනින්නට පුලුවන් වයසක නොවේය.
අල්ලපු ගෙදර එකී නම් ආපහු ආපහු කියන්නේ උඹ සිරි ලංකාවත් එක්ක හුටප්පොරයක ආපහු පැටලී ඇත කියාය. මට නම් ඔය පුරස්න තේරෙන්නේ නැත. එලොව හංදියේ තේ කඩේ එකා නම් කිව්වේ එලොව ඉඳලා බැලුවත් සිරි ලංකාව පේන්නේ නෑ කියාය. ඇමොරිකාව, එංගලන්තය නම් පේනවා කියාය. උන් කරන ජුගුප්සාජනක වැඩ මෙහාට පේනවා කියාය. වටේ පිටේ උන් ඉන්නේ ඒ රටවලින් එකෙක් මෙහෙට එනකම්ය. ඒත් ඒ රටවලින් මෙහාට එකෙක්වත් එන්නේ නෑ කියා පාරේ බස් එකේ ඩ්රැයිවර් කොලුවා කිව්වාය. උන් අපාය හංදියෙන් බහින බව ඌ කිව්වාය. උඹත් දිගටම ඔය විදිහට හිටියොත් උඹවත් අලුත් අපාය හංදියෙන් බස්සනවා යැයිද උඹලට යන්න අලුත් අපායකුත් දැන් හදාගෙන යන බවද ඌ කිව්වාය. මට ඒ කතාව තේරැණේ නැත. ඒත් අපාය උනත් අලුත් නම් කමක් නෑ කියා මම හිත හදාගත්තාය. ඩ්රැයිවර් කොලුවා නම් කියන්නේ කණ්ණාඩි දැම්මත් උඹේ ඇස් පෙනීම හොඳ නෑ කියාය. " අසූචි වලක බැහැලා ඇවිත් අසූචි ගඳයි " වගේ වැඩ උඹ කරන බව ඌ කිව්වාය. ඌ නං කියන්නේ තුන් සූත්රය කියවලා ගිහින් හුජ්ජා කරලා බුදියගන්නේ නැතුව උඹ මේ කරන වැඩ වලට කෝවේ දාලා මැකෙව්වත් මදි කියාය. මං ඌට හැරමිට්ටෙන් ගසා පැන්නුවාය.
මේ දවස්වල මට ලියුම් ගොඩාක් ලැබෙනවාය. මට කියවන්ට බැරි නිසා පුලු පුලුවන් විදිහට කියවන්නේ අල්ලපු ගෙදර එකීය. ඒකි කියන්නේ හැම ලියුමකම තියෙන්නේ " බංකියාගේ අම්මාට බුදු සරණයි ", " මූනාගේ අම්මා වැජඹේවා " වාගේ කතාය. ඉඳහිට එකෙක් දෙන්නෙක් උඹේ ආච්චි අම්මා ගැනද මතක් කර තිබුණාය. උඹ මිනිස්සු අතර සෑහෙන්න පොරසිද්ධ මිනිහෙක් වෙලා කියලා අල්ලපු ගෙදර එකී කිව්වාය. මේ දවස්වල මට හෙම්බිරිස්සාව තද වී තියෙන්නේද ඕක නිසා වෙන්න ඇති යැයි මං ඒකිට කිව්වාය. අනේ උඹට දවසින් දවස හරියන්න යැයි මං කියනවාය. මං නවතිනවාය. හොඳින් හිටපං.

12 අදහස්:
මේ බංකි පුතාට අම්මා කියලා තියෙන්නේ මාරම දෙවල් නේ. හිනා වෙලාම පන යනවා.
එළ ලියුම....
" අයංතු කාලේන කජ්ජේන පුහුලං " haha
බංකි පුතාගේ මෑනියන්ව මේ දවස්වල හරියට මිනිස්සු මතක් කරනවා . බලන්න ඉතින් දරුවෙක් තමන්ගේ අම්මව ලෝක පූජිත කරන හැටි !
මේ වෙලාවට තමා අපේ පංචායුධ කුමාරයාත් මතක් වෙන්නෙ. ගියපාර ලෙමන්පෆ් වලට හරි පින්සිද්ද වෙන්න මොකක් හරි කරගත්තා. කෝ බොලේ මේකා.
පට්ට ලියමන මචං. අපි ආයේ කොන්ඩම් කුමාරයව ගේමට බස්සමු
තව ලියපන්
තව ලියපන්
හෙහ් හෙහ්.. අගේ ඇති ලියනම නොවැ.
පට්ටා ලියුමය..............
බංකි බබා කොරන වැඩ වලට බුවාගේ අම්මා අප්පාට හරි ප්රසංසාලු......හික්
අදහස් සියල්ලටම මාගේ ප්රණාමය
අපේ ළමයි යන්නේ ඔය බන්කියගේ ඉස්කෝලෙට. උන් මොනවා ඉගෙන ගනීද දන්නේ නැත.
Post a Comment